Skip to main content
See every side of every news story
Published loading...Updated

අපට හමුවෙන, ලෝක කුසලාන ජය නොලත් අයර්ලන්තය

Summary
10 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ  ශ්‍රී ලංකාව සහභාගී වෙන 4 වැනි තරගය මේ මස 23 වැනිදා Bristol හි County ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම තරගයේ ඔවුන්ගේ ප්‍රතිවාදීන් වෙන්නේ මෙවර ලෝක කුසලාන තරගාවලිය ද ඇතුලුව ලෝක කුසලාන තරගාවලි 5ක තරග 20කට සහභාගී වෙමින් එම තරග 20 ම පරාජය වී සිටින අයර්ලන්ත කණ්ඩායමයි. ඔවුන් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරගය සඳහා එක් වෙන්නේ පැවැති තරග ත්‍රිත්වය ම පරාජය වෙමින් මෙතෙක් සැකසී ඇති ප්‍රසාද ලකුණු පුවරුවේ අවසන් ස්ථානයේ පසුවෙමිනුයි. ශ්‍රී ලංකාව තමන් සහභාගී වූ තරග ත්‍රිත්වයෙන්, ජයග්‍රාහී නවසීලන්ත තරගයත් සමඟින් ප්‍රසාද ලකුණු පුවරුවේ ප්‍රතිවාදීන්ට වඩා පියවරක් ඉදිරියෙන් සිටිනවා. ඔවුනොවුන් දෙරට විස්සයි විස්ස තරග ඉතිහාසයේ මේ දක්වා තරග 5ක දී එකිනෙකා හමුව තිබෙනවා. ඒ අතුරින් තරග 4ක් ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකාවට හැකි වී තිබෙන අතර 2024 වසරේ දී දෙරට හමු වූ  අවසන් අවස්ථාවේ ජයග්‍රහණය, අයර්ලන්තය සතු වූවා. මෙම තරගයේ දී අයර්ලන්ත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවැරී ඇත්තේ 25 වැනි වියේ පසුවෙන තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Gaby Lewis වෙතයි.
DisclaimerThis story is only covered by news sources that have yet to be evaluated by the independent media monitoring agencies we use to assess the quality and reliability of news outlets on our platform. Learn more here.

1 Articles

Think freely.Subscribe and get full access to Ground NewsSubscriptions start at $9.99/yearSubscribe

Bias Distribution

  • There is no tracked Bias information for the sources covering this story.

Factuality Info Icon

To view factuality data please Upgrade to Premium

Ownership

Info Icon

To view ownership data please Upgrade to Vantage

ThePapare.com broke the news on Monday, June 22, 2026.
Too Big Arrow Icon
Sources are mostly out of (0)
News
Feed Dots Icon
For You
Search Icon
Search
Blindspot LogoBlindspotLocal